අයිඑස් නායකයාගේ සිරුර මුහුදු පතුලේ සගවයි.

Share Button

ඇමෙරිකානු ප්‍රහාරයකින් මියගිය අයිඑස් ත්‍රස්ත නායකයාගේ සිරුර මුහුදු පතුලේ සැගවු බව ඇමෙරිකානු හමුදාව අද නිවේදනය කළේය. ඇමෙරිකානු විශේෂ බලකායේ මෙහෙයුමකින් අබුබකර් අල් බැග්ඩෑඩි ඉකුත්දා මිය ගියේය. මෙම මෙහෙයුමට සහායවු සුනඛයා විශේෂ වීර චරිතයක් බවට නම් කර ඇත. අයිඑස් නායකයා බෝම්බ පුපුරුවා ගැනීමට උමගක් දිගේ දිවයන අවස්ථාවේ පසුපසින් දිවගිය එම සුනඛයා ද තුවාල ලැබීය. සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඔහු සැගව සිටියේය. ඔහු අල්ලා ගැනීමට පෙර ඔහු රැදි සිටියේ යැයි සැලකෙන ගොඩනැගිලි දෙකකට ගුවනින් ප්‍රහාර එල්ල කළ අතර පසුව මිසයිල ප්‍රහාර එල්ල කෙරින. මේ අතර. කුර්දිවරුන්ගෙන් සැදුම්ලත් සිරියානු ප්‍රජාතන්ත්‍රවාදි හමුදාව සදහන් කලේ අයිඑස් නායකයා සිටින ස්ථානය සොයා ගැනීමට ඇමෙරිකාවට තොරතුරු ලබාදුන් බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද ඒ බව තහවුරු කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *