වත්මන් රජය විශාල කාර්යභාරයක් ඉටුකළා – රාජ්‍ය ඇමති අජිත් මානප්පෙරුම

Share Button

රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙනඒම සදහා ගෙවිගිය වසර පහ තුළ වත්මන් රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බව රාජ්‍ය ඇමති අජිත් මානප්පෙරුම මහතා කියයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් අදහස් දැක්වීය.

රට තුළ ශක්තිමත් හා ස්වාධින අධිකරණ පද්ධතියක් ගොඩනැංවීමට වත්මන් රජයට හැකි විය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් ජනතා අයිතිවාසිකමක් ඔවුන්ට ලබාදීමට ක්‍රියා කෙරින. රාජ්‍ය සේවයට කිසිසේත්ම රජය බලපෑම් එල්ල නොකරන බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *