සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේදී නව තරග වාර්තා 12 ක්

Share Button

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා උළෙලේ මේ වනවිට නව තරග වාර්තා 12 ක් බිහිවී තිබේ. මීටර් 1500 ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. විජේරත්න ක්‍රිඩකයා සමත් වෙයි. මීගමුව වෑකඩ මහා විද්‍යාලයේ ඩබ්ලිව්. බී. එම්. බණ්ඩාර ක්‍රිඩකයා මීටර් 400 ධාවන ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීය. අද පැවති උස පැනීම කාන්තා ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ නේත්‍රා සමාධි ක්‍රිඩිකාව සමත් වුවාය. හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට වලල ඒ. රත්නායක විද්‍යාලයේ ඩී. එම්. අයි. හසන්ති ක්‍රිඩිකාව සමත් වුවාය. මිටර් 400 ධාවන ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට එම විද්‍යාලයේම ඩී. එම්. කරුණාරත්න ක්‍රිඩිකාව සමත් වුවාය. යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ ශාන්ත බිජට් කන්‍යාරාමයේ සජිනි සමරසේකර ක්‍රිඩිකාව ද නව තරග වාර්තාවක් පිහිටවුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *