ආදිවාසී ජනතාවගේ ද සහාය සජිත් ප්‍රේමදාස මහතාට

Share Button

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආදිවාසී ජනතාවගේ ද සහාය හිමිවෙයි. අම්පාර දිස්ත්‍රික් මහඔය ආදිවාසි දාලිගල මහාබන්ඩාරිලාගේ අප්පු ආදිවාසි නායකයා ප්‍රමුඛ ආදිවාසිහු රැසක් අද ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වුහ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ ආදිවාසි ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි සජිත් ප්‍රේමදාස මහතා අවධානය යොමුකර ඇති බවයි.
මාධ්‍ය හමුවට එක්වු නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා රාජ්‍ය සේවකයන්ට ගෞරවනීය තත්ත්වයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කළ යුතු බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *