ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට කොළඹදී අත්සන් තැබේ

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුඵ දේශපාලන පක්ෂ 17 ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම අත්සන් තැබීම කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී අද පෙරවරුවේ සිදුවිය. අදාල පක්ෂවල ලේකම්වරු ගිවිසුමට අත්සන් තැබුහ. ජනාධිපතිවරණයෙන් පසුව එලඹෙන මහ මැතිවරණය ඇතුඵ සෙසු මැතිවරණවලට තරග කිරීම සදහා මෙම සන්ධානය ගොඩනංවාගෙන තිබේ.
ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ස මහතා සන්ධානයට සම්බන්ධ පක්ෂ විවිධ මත දැරුවද මව්බිම වෙනුවෙන් ඒ සියල් පක්ෂ එකම අරමුණකින් ක්‍රියාකරන බව පැවසීය. රටේ ස්වෛරීභාවය. ඒකීයභාවය හා ජාතික ආරක්ෂාව සහතික කරමින් බිඳ වැටෙනු ආර්ථිකය ගොඩනංවන ප්‍රජාතන්ත්‍රවාදි රටක් ගොඩනැංවීම සදහා නව සන්ධානය ඉදිරියේදී ක්‍රියා කරනු ඇතැයි ඔහු සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *