සෝදා හලන ලද මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Share Button

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට බලපා ඇති ගැටඵවකට විසදුම් ලබාදෙමින් සෝදා හලන ලද මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අරඹයි. ඒ සදහා වත්තල කෙරවලපිටියේ ඉදිකළ මධ්‍යස්ථානය විවෘත කිරීම ඇමති පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ සිදුවෙයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සදහා ගංගා හා ඇල මාර්ගවලින් ලබා ගන්නා ඛණිජ සම්පත් ක්‍ෂය වෙමින් පැවතිම හේතුවෙන් ගැටඵ මතුවී තිබේ. එය සැලකිල්ලට ගනිමින් පරිසර හානිය ද අවම කිරීමේ අරමුණ ඇතිව නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරිීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේ නව මධ්‍යස්ථානයේ සකස් කෙරෙන මුහුදුවැලි ලබන මාසයේ සිට වෙළෙඳපලට නිකුත් කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *