සාමාන්‍ය පෙළ විභාගය ලබන 2 වැනිදා ඇරඹේ

Share Button

මෙවර අ පො ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 2 වැනිදා ඇරඹේ. එය අවසන් වන්නේ ලබන මස 12 වැනිදායි. විභාගයේ ප්‍රවේශපත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි. විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවෝ සංඛ්‍යාවක් අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටිති. එම සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටකි. ඉන් හාරලක්ෂ තිස් තුන් දහස් පනස් දෙනෙක් පාසල් අයදුම්කරුවෝ වෙති. දෙමළ දෙවැනි බස හා සිංහල දෙවැනි බස සදහා පෞද්ගලික අංශයේ වැඩි අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටීම මෙවර විභාගයට පෙනී සිටින සංඛ්‍යාවේ ඉහළ යාමට හේතුව බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. දිවයින පුරා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසු හතකදී විභාගය පැවැත්වෙයි. සම්බන්ධිකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 541 කි. නේපාලයේ කත්මණ්ඩු අගනුවර ශ්‍රීී ලංකා තානාපති කාර්යාලයේදී ද විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙයි. සාග් ක්‍රීඩා උලෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුව උදෙසා එය පවත්වන බවද සනත් පුජිත මහතා පැවසීය. අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂක කටයුතු සදහා පොලිසියේ හා නාවික හමුදාවේ සහාය ලබා ගැනේ. අවශ්‍ය වුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ලබා ගැනීමට ඔවුන් සමග සාකච්ඡා කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අයඳුම්කරුවන් විභාගයට පෙනී සිටිීමේදී සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය හෝ ඉදිරිපත් කළ යුතුය. විධිමත් අනන්‍යතා පත්‍රයක් නොමැති විභාග අපේක්ෂකයන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ඡායාරූපය සහිතව පෞද්ගලික දත්ත ඇතුලත් කර නිකුත් කරන ලිපිය ද පිළිගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11