ජනාධිපතිවරණයේ රාජකාරියේ නියුතු නිලධාරීහු ඡන්ද පෙට්ටි රැගෙන ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් වෙති.

Share Button

ජනාධිපතිවරණය සදහා මේ වනවිට සියලු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිසම කියයි. ඡන්ද පෙට්ටි රැගත් නිලධාරීන් මේ වනවිට ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. දහවල් 1.00 වනවිට ඔවුන් සියලු දෙනා ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් අදාල තේරීම් භාර නිලධාරීවරයාට වාර්තා කළ යුතුය. අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය පිළිබද පෙරහුරුවක් පැවැත්වෙයි. ඡන්ද පෙට්ටි බෙදා හැරීම ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චන්න පී සිල්වා මහතා අප කළ විමසුමක දී පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත මේ වනවිට ලැබෙමින් පවතින බව තේරීම් භාර නිලධාරීහු අප කළ විමසුමක දී පැවසුහ. කොළඹ දිසා ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1175 කට ඡන්ද පෙට්ටි ඇතුඵ අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම මේ වනවිට සාර්ථකව සිදු වන බවයි.
ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ටි බෙදා හැරීම ආරක්ෂාව සහිතව සිදු කෙරෙන බව ගම්පහ දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.
කඵතර දිසා ලේකම් යු ඩී සී ජයලාල් මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 644 ක් ක්‍රියාත්මක බවයි. යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව 9144 කි. .

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ඉතාමත් සාමකාමී වාතාවරණයක් පවතින බව දිසා ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. ජනාධිපතිවරණය සදහා සියලු කටයුතු සුදානම් කර තිබෙ.් ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට මේ වනවිට ලැබෙමින් පවතින බව ඔහු සදහන් කළේය.
දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි බෙදා හැරීම අවසන් බව මාතලේ දිසා ලේකම් එස් එන් ජී කේ පෙරේරා මහතා කියයි. ඡන්ද විමසීම සදහා සියලු කටයුතු සුදානම් බවද ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා මේ වනවිට සියලු කටයුතු සුදානම් බව මහනුවර දිසා ලේකම් තිස්ස කරුණාරත්න මහතා අප කළ විමසුමක දිී පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 458 කදී ඡන්ද විමසීම සිදු වෙයි. ඡන්ද දායක සංඛ්‍යාව හයලක්ෂ පනස් දෙදහස් හාරසිය දාහතකි. දිසා ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණයට අදාල කටයුතු මේ වනවිට සුදානම් කෙරෙමින් පවතී.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සදහා සියලු කටයුතු සුදානම් බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිසා ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා කියයි. ඡන්ද දායක සංඛ්‍යාව හාරලක්ෂ අසුපන්දහස් හත්සිය අසු හයකි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 288 කදී ඡන්ද විමසිම පැවැත්වෙයි. ඒ සදහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු විය. ඡන්ද දායක සංඛ්‍යාව තුන්ලක්ෂ විසිහය දහස් හාරසිය හතලිස් තුනකි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායක සංඛ්‍යාව අටලක්ෂ හැටහතර දහස් නවසිය හැත්තැ අටකි. මධ්‍යස්ථාන 627 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *