තිරිගු පිටි මිල වැඩි කිරිීමේ කිසිදු තිීරණයක් ගෙන නැතැයි රජය අවධාරණය කරයි

Share Button

තිරිගු පිටිමිල වැඩි කිරිමට රජය කිසිදු තීරණයක් ගෙන නැතැයි අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි. අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිගු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා සමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් අදහස් පල කරන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද පෙන්වා දෙන්නේ තිරිගු පිටි ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිකිරීමට ජිවන වියදම් කමිටුව මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් එම තිරණය ප්‍රකාශයට පත්කළ යුතු බවයි. මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන අයට එරෙහිව නීති පියවර ගන්නා බවද පතිරණ මහතා කියා සිටී

තිරිගු පිටිමිල වැඩි කිරීම සදහා පාරිභෝගික අධිකාරිය අවසර ලබාදී නැතැයි සදහන් කරන අධිකාරියේ සාමාන්‍යාධිකාරී එම්. එස් . එම් පවුසර් මහතා තිරිගු පිටි මිල වැඩි කර ඇත්දැයි සොයා බැලීමට නිලධාරීන් යොදවා ඇති බව පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11