ඔලිම්පික් යන සුඩාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානයේ මාස 8 ක පුහුණුවක්.

Share Button

ලබන වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සහභාගි වන දකුණු සුඩාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජපානයේදීම පුහුණුව ලබාදීම සිදු කෙරේ. ඒ අනුව එරට මලලක්‍රීඩා කණ්ඩායමක් පුහුණුකරුවෙකු සමග ඊයේ ටෝකියෝ වෙත පැමිණියහ. ඔවුන් මාස 8 ක කාලයක් ජපානයේ පුහුණුවීම්වල නිරත වනු ඇත. දකුණු සුඩානයේ පවතින සිවිල් යුද්ධය සහ දුර්වල ක්‍රීඩා පහසුකම් හේතුවෙන් මෙම අවස්ථාව සුඩානයට ලබාදීමට ජපානය තීරණය කර තිබේ. මෙම පිරිස ලබන සතියේ සිට ජපන් පුහුණුකරුවන් යටතේ පුහුණුවීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *