රජයේ ව්‍යාපාර 10 ක් ලාභදායී මට්ටමට ගෙන ඒමට පියවර

Share Button

රජය සතු වාණිජ ව්‍යාපාර 10 ක් ලාභදායී කාර්යක්ෂම සේවා සපයන ආයතන බවට පත් කිරීමේ නව ක්‍රමවේදයකට මේ මාසය ඇතුළත යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. එම නව ක්‍රමවේදය නම් රජය සතු වාණිජ ව්‍යාපාර වල මූල්‍ය හා මූල්‍ය නොවන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන මෙහෙයුම් ක්‍රියාවලිය හා බැඳුනු මූලික කාර්ය සාධක දර්ශක, සාමූහික අභිලාෂ ප්‍රකාශනයක් ලෙස ක්‍රියාවට නැංවීමයි.

මේ සඳහා යොමු කරන ආයතන 10 අතරින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ලංකා සතොස( පුද්ගලික) සමාගම, ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ප්‍රධාන ආයතන වේ. ඊට අමතරව රාජ්‍ය දැව සංස්ථාව , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිල්කෝ (පුද්ගලික සමාගම), ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය නව ක්‍රමවේදයකට යොමු කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

එමෙන්ම 2017 වසරේ දී රජය මේ අන්දමට ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපල, හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ප්‍රධානතම රජය සතු වාණිජ ව්‍යාපාර 5 ක් සඳහා ද  තෛපාර්ශ්වික ගිවිසුම් අත්සන් තබා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11