ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවයි

Share Button

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබුනු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා අප කළ විමසුමකදී පැවසීය. දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භවී තිබේ. බොහෝ දිස්ත්‍රික්කවල සෙසු ඡන්ද ගනන් කිරීම රාත්‍රි 7.00 ට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කළේය.

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00 අවසන් විය. ජනාධිපතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම දිවයිනපුරා ඉහල මට්ටමක පැවති බව දිසා ලේකම්වරු පවසති. ඡන්ද විමසිම සාමකාමිව පැවති බවද අප කළ විමසුමේදී ඔව්හු පැවසුහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ක් ඉක්මවා සිදුව ඇතැයි දිසා ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

කඵතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75 ක් ඉක්මනවන බව කඵතර දිසා ලේකම් යු. ඩී. සී. ජයලාල් මහතා අප කළ විමසුමකදී පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවන බව දිසා ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා කියයි. ජනතාව ඉතාමත් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අද පෙරවරුවේ සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි බව ඔහු සදහන් කලේය. තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 5.15 ට පමණ ආරම්භ කෙරිනි. සෙසු ඡන්ද ගණන් කිරීම පස්වරු 8.00 පමණ වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි දිසා ලේකම්වරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ පිහිටුවා තිබු ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කලේ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ පිහිටුවා තිබු ඡන්ද මධ්‍යස්ථානයේදී තම ඡන්දය ප්‍රකාශ කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම වීරවිල සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ පිහිටුවා තිබු ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ තම ඡන්දය ප්‍රකාශ කලේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කළේ නුගේගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පිහිටුවා තිබු ඡන්ද මධයස්ථානයේදීය. ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කොළඹ පංචිකාවත්ත සයිකෝජි පෙර පාසලේ පිහිටුවා තිබු ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11