ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ක්‍ෂණිකව ජාතික ගුවන් විදුලියෙන්

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ විගස ශ්‍රාවකයන් වෙත ගෙන ඒමට සුදානමින් සිටී. ඒ සදහා වන ඉලෙක්ෂන් එෆ් එම් විශේෂ මැතිවරණ විකාශනය රාත්‍රි 10.30 ට ඇරඹෙයි. අවසන් ප්‍රතිඵලය නිකුත් වනතුරු එය ක්‍රියාත්මක වෙයි. ජාතික ගුවන් විදුලියේ සියලුම නාලිකා ඒකාබද්ධකර සංඛ්‍යාත 22 ක් ඔස්සේ ඉලෙක්ෂන් එෆ් එම් විශේෂ මැතිවරණ විකාශය භාෂාත්‍රයෙන්ම ප්‍රචාරය කෙරේ. එස් එල් බී සී ඇප් යෙදවුම ඔස්සේ ද එස් එල් බී සී ඩොට් එල් කේ වෙබ් අඩවිය ඔස්සේ ද එම විකාශනයට සවන්දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *