ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ

Share Button

දැනට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටී. ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් පන් දහස් අටසිය හැට හතකි. එහි ප්‍රතිශතය සියයට 52 යි දශම හතයි හයකි. ඡන්ද දෙලක්ෂ හැට එක් දහස් අටසිය අසූ අටක් ලැබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 39 යි දශම නමයයි පහක් ලෙසිනි. අනුර කුමාර දිසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව විසි නම දහස් හාරසිය පනස් හතරකි . එය සියයට 4 යි දශම හතරයි නමයක ප්‍රතිශතයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉතිරි කොට්ඨාශවල ඡන්ද ගනන් කිරීම යුහුසුඵව සිදුවෙමින් පවතින බව තේරීම් භාර නිලධාරීහූ පවසති.

ජනාධිපතිවරණයට අදාල කොට්ඨාශ 14 ක තැපැල් ඡන්ද ප්‍රතිපලත් ඡන්ද බල ප්‍රදේශ 7 ක ප්‍රතිථලත් නිකුත් කර තිබේ. තැපැල් ඡන්ද ප්‍රතිපල නිකුත් කර ඇති කොට්ඨාස වන්නේ කොළඹ. මාතලේ . දිගාමඩුල්ල. කඵතර . ත්‍රිකුණාමලය. ගාල්ල. ගම්පහ . රත්නපුරය. මොණරාගල .වන්නි. බදුල්ල . හම්බන්තොට. නුවරඑළිය. පොළොන්නරුවය. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලැබුණේ ගාල්ල දිස්ත්‍රික්කයනි. එහි වැඩි ඡන්ද සංඛ්‍යාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබිණ.

මේ වන විට ඡන්ද බල ප්‍රදේශ 7 ක ප්‍රතිථලත් නිකුත් කර තිබේ. ඡන්ද බල ප්‍රදේශ මට්ටමින් පළමු නිල ඡන්ද ප්‍රතිඵලය වාර්තා වූයේ යාපනයෙනි. නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත. අම්බලන්ගොඩ . කයිට්ස් . යාපනය . පේදුරුතුඩුව. හබරාදූව. ගාල්ල යන ඡන්ද බල ප්‍රදේශවල නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11