සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වෙයි

Share Button

දැඩි සටනක් හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයකින් පසු තමා ජනතාවගේ තීරණයට ගරු කරමින් ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කර ඇති ඔහු තමාට ඡන්දය ලබා දුන් සියථ පුරවැසියන්ට සහ මැතිවරණ ව්‍යාපාරයේදී තමා වෙනුවෙන් වැඩ කළ සියථ දෙනාට හෘදයාංගම ස්තූතිය පළ කරයි. ඡන්දදායකයන් අද ගෙන ඇති තීරණය සලකා බලා තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ඉතාමත් සාමකාමී ජනාධිපතිවරණයක් මෙවර පැවති බව අපට දක්නට හැකි වු බව ඔහු පවසයි. එය ගත වු පස් වසර තුළ ප්‍රජාතන්ත්‍රවාදීව ලබා ගත් ජයග්‍රහණ සහ ආයතනික ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයකි. එමගින් ස්වාධීන මැතිවරණ කොමිසමකට බලතල ලැබුණු අතර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කෙරිණ. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ අගයන් තවත් ශක්තිමත් කිරීමට සහ ආරක්ෂා කරන ලෙස ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි. එමෙන්ම පශ්චාත් මැතිවරණ පරිසරය ඉතා සාමාකාමී ලෙස පවත්වාගෙන යාමටත් කිසිම පුරවැසියෙකුට හෝ නව ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණේ ආධාරකරුවෙකුට හෝ තමාට තමාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉටුකළ කාර්යභාරය හේතුකොට ගෙන හිංසා පීඩා සිදු නොවීමට කටයුතු කරන ලෙසත් ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10