නව ජනපතිට. ජනාධිපතිතුමාගෙන් හා ඉන්දිය අගමැතිවරයාගෙන් සුබපැතුම්

Share Button

ශ්‍රීි ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ ජනාධිපති ධුරයේ රාජකාරි අවසන් කළ අතර එහිදී ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදී තේරි පත්වන නව ජනාධිපතිවරයාට උණුසුම් සුබපැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද සිය සුබපැතුම් පිරිනමා තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය අගමැතිවරයා සදහන් කර ඇත්තේ දෙරට හා පුරවැසියන් අතර සමිප හා සහෝදර සබඳතා ගැඹුරු කරමින් සාමය සමෘද්ධිය මෙන්ම කලාපයේ ආරක්ෂාව සදහා රාජපක්ෂ මහතා සමග සමිපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *