ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයක්

Share Button

ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබු ඡන්ද සංඛ්‍යාව 69 ලක්ෂ 24 දහස් 255 කි. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 55 ලක්ෂ 64 දහස් 239 ක් ලබා සිටි. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද හාරලක්ෂ 18 දහස් 553 ක් ලබා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 13 ලක්ෂ 60 දහස් 16 ක් ලබා ඇත. ඒ අනුව ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 52. 25 කි. අද සවස රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදිී ජනාධිපතිවරණයට ඉදිරිපත්වු අපේක්ෂකයන් හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමස්ත ජාතික ප්‍රතිඵලය නිවේදනය කළේය.

තවදුරටත් අදහස් දැක්වු දේශප්‍රිය මහතා ජනාධිපතිවරණයේදී එක්කෝටි 33 ලක්ෂ 87 දහස් 951 දෙනෙකු ඡන්දය පාවිච්චි කර ඇතැයි කීවේය. එයින් එක්කෝටි 32 ලක්ෂ 52 දහස් 499 ක් වලංගු ඡන්ද වෙයි. මෙවර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 83 යි දශම 7 යි 2 කි. අනතුරුව කථා කළ නව ජනාධිපති ලෙස තේරි පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව තමා වෙත පැවරු විශ්වාසය ඒ අයුරින්ම සුරකින බවට ප්‍රතිඥා දුන්නේය. ජනතාව වෙත තමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් සියලු කරුණු ධුර කාලය තුළ ඉටුකරන බවද ඔහු පැවසීය.

මෙහිදී කථා කළ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නිදහස්. සාමකාමි අන්දමින් මැතිවරණ පැවැත්වීමට හැකිවු ආකාරය විස්තර කර මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමි අන්දමින් පැවැත්වීමට දායකවු සැමට සහ ආයතනවලට මැතිවරණ කොමිසමේ ස්තුතිය හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. මැතිවරණ නීති උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළ රජයේ මාධ්‍ය ආයතනවල අදාල නිලධාරින්ට එරෙහිව ආයතන සංග්‍රහයේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධාන වලට අනුව ක්‍රියා කරන බව ඔහු කීවේය. පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට නීති පැනවීමේ අවශ්‍යතාව සභාපතිවරයා අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදි ඡන්ද විමසිම්වල හරය රදා පවතින්නේ ඡන්ද විමසිමේ නීති ශක්තිමත් වුවහොත් පමණි. ඡන්දය විමසිම් විශ්වාසවන්ත සාධාරණ අයුරින් පැවැත්වීමෙන් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකිය. ඒ සදහා නව ජනාධිපතිවරයා වෙත පැවරෙන වගකීම් පැහැදිල කළ ඔහු පළාත් සභා ඡන්ද විමසිම් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමක් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11