නීති විරෝධී රත්රන් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 540 ක් අත්අඩංගුවට

Share Button

නීති විරෝධී අන්දමින් රත්රන් කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම් 540 ක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 29. 32 සහ 34 යන වයස්වල පසුවන සැකකරුවන් ගුවන් තොටුපොල රේගු අංශයට ඉදිරිපත් කර ඇත.

මේ අතර දෝහා කටාර් සිට ඊයේ මෙරටට ආ ගුවන් යානයකින් පැමිණී කෙන්යානු ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ සගවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි 30 ක් ගුවන් තොටුපොල රේගුව මගින් සොයාගෙන තිබේ. 34 හැවිරිදි සැකකාරිය ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඇගේ උදරයේ තවත් කොකේන් ගුලි ඇති බවට අනාවරණවීමෙන් පසු ඇයව මීගමුව රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධීය සම්බන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් පසු සතියක කාලයක් සදහා රදවුම් නියෝග ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට යටතේ වැඩිදුර විමර්ශණ පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11