පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් පරස්පර විරෝධී මත.

Share Button

පාර්ලිමේන්තව විසුරුවා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවිධ අදහස් පල කරති. පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධයෙන් ඔවුහූ ඊයේ දිනයේදී මාධ්‍යට පරස්පර විරෝධී අදහස් පල කලහ.

වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසන්නේ ජන මථයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කල යුතු බවයි. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් යුත් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණ. ඊට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එස් එම් මරික්කාර් මන්ත්‍රිවරයා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක බලයක් ලබා දීමට තමා සූදානම් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වසර හතර හමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව ඔහු කියයි.

මේ අතර කබීර් හසීම්. රුවන් විජේවර්ධන. පාඨලී චම්පික රණවක. මංගල සමරවීර. හරීන් ප්‍රනාන්දු . ඇතුඵ අමාත්‍යවරු පිරිසක් සිය කැබිනට් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීම නිවේදනය කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *