ජනාධිපතිතුමා අද වැඩ භාර ගනී

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10 යි 30 ට සිය ධුරයේ වැඩ භාර ගනී. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ හත්වෙන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීම් ලබන්නේ ජනාධිපතිවරණයෙන් හැට නම ලක්ෂ විසි හතර දහස් දෙසිය පනස් පහක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. එය සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනස් දෙකයි දශම දෙකයි පහකි.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බි ජයසුන්දර මහතාද අද පත්කිරීමට නියමිතයි. නව ආරක්ෂක ලේකම්ධූරයට පත් වන්නේ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි.

මේ අතර ඊයේ රුවන්මැලි සෑ රදුන් අභියසදී ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ විධායක බලතල භාවිතා කිරීමට තමා කිසිසේත් පසුබට නොවන බවයි. ඵෙතිහාසික ජන වරම භාවිතා කරමින් සිය ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් පිහිටුවන බවද ජනාධිපතිතුමා සදහන් කළේය. දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් . නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක් ද ස්ථාපනය කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *