රත්ගම ඇලේ මැසි මදුරුවන් බෝවීම හේතුවෙන් ගැටඵ රැසක්

Share Button

රත්ගම ඇලේ මැසි මදුරුවන් බෝවීම හේතුවෙන් ගැටඵ රැසක් මතුව ප්‍රදේශවාසීහු පවසති.

මෙය ජනතාවගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී ඇත. ඇලේ ජලය ගලා නොබැසීමද මීට හේතුවී තිබේ.

ඉවුරු කඩා වැටීම , ඉවුරු ගොඩකර ඉදිකිරීම හා කැළි කසළ ඇලට බැහැර කිරීම නිසා මෙහි ජලය දැඩි ලෙස අපවිත්‍ර වී ඇත.

වසර ගණනාවකට පෙර කුඹුරු අක්කර 400 කට පමණ ජලය සැපයු මෙම ඇල මේ වනවිට විනාශයට පත් වෙමින් ඇතැයි ගොවීහු පවසති.

මේ හේතුවෙන් එම කුඹුරු පුරන් වී තිබේ.  මෙම ඇල මාර්ගය පවිත්‍ර කර ඉවුරු ගල් වැටි දමා ශක්තිමත් කරන ලෙස ගොවි ජනතාව අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11