ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි.

Share Button

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය..

ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතායි. ත්‍රිවිධ හමුදාවේ උත්තමාචාරයකින් අනතුරුව නව ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය තුලට කැඳවාගෙන යනු ලැබීය.

මහා සංඝරත්නය සෙත් පිරිස් සජ්ජායනා කර නව ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ. ඉන් අනතුරුව සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් තැබු ජනාධිපතිතුමා එය ඔහුට පිළිගැන්වීය.

ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරල් කමල් ගුණරත්න මහතාත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්. ආර් ආටිගල මහතාත් , විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සෙනෙවිරත්න මහතාත් ,  ජනාධිපතිතුමාගෙන් එහිදී පත්වීම් ලිපි ලැබුහ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *