පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා , කථානායකවරයා සමග සාකච්ඡාවක

Share Button

නව ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා කථානායකවරයා සමග සාකච්ඡා පවත්වති.

පක්ෂ නායකයෝ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද එම සාකච්ඡාවට එක්වුහ. රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියා කළ යුතුය යන්න සාකච්ඡාවට සහභාගි වු බහුතරයකගේ අදහස විය.

ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි එහිදී අවධානය යොමු වු එක් විකල්ප ක්‍රියාමාර්ගයකි.

මන්ත්‍රීවරුන් ස්වෙච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමු වීම අවධානය යොමු වු තවත් විකල්පයකි.

අගමැතිවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමාට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර ඇමති මණ්ඩලයක් පත් කිරීමට ඉඩ සලසා දීම අවධානය යොමු කළ අනෙක් විකල්පයයි.

අවධානය යොමු වු එම විකල්ප තුන පිළිබදව මේ සතිය තුල පක්ෂ නායක රැස්විීමක් පවත්වා අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි. එම කරුණු පිළිබදව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා තම පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර තමන් දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සදහා කථානායකවරයා පක්ෂ නායක රැස්විමක් කැඳවනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *