ජනාධිපතිවරණ සමයේ පසුබෑමට ලක්ව තිබු රජයේ හා පෞද්ගලික අංශයේ සේවා කටයුතු යථා තත්ත්වයට.- ව්‍යාපාරික හා ගමනාගමන කටයුතු ද යථා තත්ත්වයට පත් වෙයි.

Share Button

ජනාධිපතිවරණ සමයේ පසුබෑමට ලක්ව තිබු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා කටයුතු මෙන්ම ව්‍යාපාරික කටයුතු ද යථා තත්ත්වයට පත් වෙයි. ගමනාගමන කටයුතු ද අද සිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

පිටකොටුවේ ව්‍යාපාරික කටයුතු අද සිට යලි ආරම්භ කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙලෙදුන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා අප කළ විමසුමක දී පැවසීය.

රට තුල දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගී තිබීම හේතුවෙන් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ද පිබිදීමක් දක්නට ලැබෙන බව ඔහු සදහන් කළේය. සීනි කිලෝවක තොග මිල රුපියල් 3 කින් පහත වැටී තිබේ.

ජාත්‍යන්තර වෙලෙදපොලේ සිනි මිල පහත වැටීම ඊට හේතුවයි. රටවල් කිහිපයකින් ලොකුඵෑණු ආනයනය කර ඇති බැවින් ඒවායේ තොග මිලද පහත මට්ටමක පවතී. එළැඹෙන උත්සව සමය වෙනුවෙන් කල්වේලා ඇතිව භාණ්ඩ ආනයනය කර රැස් කර තබා ගැනීමට තම සංගමය සුදානමින් සිටින බව සෙනෙවිරත්න මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *