ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ත්‍රස්තවාදින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි දෙදෙනෙක් නිදහස් කෙරෙති

Share Button

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ත්‍රස්තවාදින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි දෙදෙනෙක් නිදහස් කෙරෙති. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ අමෙරිකානු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කළ අමෙරිකාවේ කෙවින්ටින් සහ ඔස්ට්‍රේලියාවේ තිමොති වීක් අද නිදහස ලැබුහ. ඔවුන් මිට වසර තුනකට පෙර තලෙයිබාන් ග්‍රහණයට පත්වුහ. ඔවුන් දෙදෙනා නිදහස් කිරිමට තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන් තිදෙනෙකුද නිදහස් කළ අතර. එම තිදෙනා කටාරයේ සිට ඇෆ්ගනිස්ථානයට පැමිණියේය. මීට අදාල එකගතාවක් පසුගියදා ඇතිවිණි. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෆ්රොෂ් ඝානි මහතා සදහන් කළේ මෙය ඉදිරි සාම ක්‍රියාවලිය සදහා වඩා වැදගත් ක්‍රියාවක් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *