මේ වසර සදහා අතුරු සම්මත ගිණුමක්

Share Button

මේ වසර සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර මුල්‍ය ආවරණ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් එම පියවර ගන්නා බව ඔහු පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක් වෙමිනි. රටේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට රජය නව පනත් සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු කීවේය. ස්ථිර ආදායමක් නොමැති ජනතාවට සුඵ හා මධ්‍ය පරිමාණ දිරිගැන්වීම් ලබාදීම . රජයේ මැදිහත් වීමෙන් ආයෝජන අවස්ථා බිහි කිරිම . කඩාවැටුනු ආර්ථිකය යලි නගාසිටුවීම සදහා මුල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම . බදුබර අඩු කිරීම ඇතුඵ කාර්යයන් රැසක් වත්මන් රජයට ඉටු කිරීමට ඇතැයි ඔහු සදහන් කළේය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවට දෙමළ මාධ්‍යයෙන් වැරදි තොරතුරු ගොස් තිබේ. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එම පළාත්වලින් ලැබුණේ අඩු ඡන්ද සංඛ්‍යාවකි. ඉදිරි මැතිවරණයේදි එම තත්ත්වය වෙනස් කිරීම සදහා රජයේ තොරතුරු නිවැරදිව සන්නිවේදනය කළ යුතු බව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. පුද්ගල චරිත හා ප්‍රතිරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට නව ජනාධිපතිවරයා පියවර ගැනීම ඉතාමත් විශිෂ්ට ලක්ෂණයකි. රජයේ රැකියා අවස්ථා ලබාදීමේ දී අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රමුඛස්ථානය හිමිවෙයි. රජයේ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ ද එය සදහන් වෙයි. සතුටින් සිටින ජනතාවක් හා ඵලදායි පුරවැසියන් බිහි කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව හෙතෙම පැවසීය. රජය ජාතික හා දේශීය සම්පත් කිසිවක් විදෙස් රටවලට ලබා නොදෙන බවද ඔහු සදහන් කළේය. ඉහළ පොලියකට ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා ගෙන ඇති පුද්ගලයන් සදහා එම ණය ආපසු ගෙවීමට සහන සැලසේ. ඊට අවශ්‍ය උපදෙස් ශ්‍රීී ලංකා මහබැංකුවෙන් ලබා ගන්නා බව නානායක්කාර මහතා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11