වැවිලි ප්‍රජාවට තවත් නිවාස 95 ක්

Share Button

වැවිලි ප්‍රජාව වෙනුවෙන් ඉදි කල අංග සම්පූර්ණ යටිතල පහසුකම් සහිත නිවාස 95 ක් අමාත්‍ය පලනි තිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්ක්යේ මස්කෙලිය මානෙලි වතුයායේ නිවාස 25 ක් ද, එමිල්ඩන් වතුයායේ නිවාස 20 ක් ද, බ්‍රවන්ලෝ වතු යායේ නිවාස 20 ක් ද, මාවුස්සාකැලේ වතුයායේ නිවාස 20 ක් ද  වශයෙන් පර්චස් 7 ක ඉදිකර ඇති එම නිවාස සඳහා නිරවුල් ඔප්පු ලබාදීමට ද නියමිතයි. වැවිලි ප්‍රජාව උදෙසා රජය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් රැසක් සඳහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන බව නිවාස ජනසතු කිරීමේ උත්සවයේ දී අමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *