රුවන්මැලි සෑ කොත නිරාවරණය අද

Share Button

ඵෙතිහාසික රුවන්මැලි මහා චෙත්‍යයට චූඩා මාණික්‍යය පලදවා ස්වර්ණාලේප කල කොත් වහන්සේ නිරාවරණය කිරීම අද පෙරවරුවේ සිදු කෙරේ. මල්වතු පාර්ශවයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තෛනිකායික මහ නා හිමිවරුන්ගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරේ. විශ්ව පාරමී පදනම මීට දායකත්වය සපයයි. රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය රුවන්මැලි සෑයට පැලදවීම ඊයේ පස්වරුවේ සිදුවිය. ක්‍රිස්තු පූර්ව එකසිය හතළිහේදී දුටුගැමුණු රජු ඉදිකරවූ රුවන්මැලි සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර චුඩා මාණික්‍යය පැළදවීම සිදුවූයේ 1939 වසරේදීය. එම චූඩා මාණික්‍යය දුර්වර්ණ වීම හේතුවෙන් රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කොට පැලදවීමට තීරණය කෙරිණ. එහි පළිගු කොටස සදහා භාවිතා කර ඇත්තේ රොක් ක්‍රිස්ටල් නම් පාෂාණයයි. ස්වභාවික නිල් මැණික් . රතු මැණික් ඇතුඵ මැණික් ගල් පන් දහස් දෙසිට විස්සක් යොදාගෙන මෙය නිර්මාණය කර ඇත. පිරිසිදු රත්රන් කිලෝ විසි අටකට වැඩි ප්‍රමාණයක් ද මෙය නිර්මාණයට භාවිතා කර ඇත. මෙම චූඩා මාණික්‍යය පැලදවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සදහා පසුගිය 18 වනදා සිට කොළඹ ඇතුඵ දිවයිනේ ස්ථාන කිහිපයකදී අවස්ථාව ලබාදී තිබිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *