අවංක රාජ්‍ය සේවකයින් සුරැකීමට විශේෂ පනතක්

Share Button

රාජ්‍ය සේවයේ දී සද්භාවයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශයට රැගෙය යාම වැලැක්වීම සදහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන එන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අවංකව රාජකාරියේ නිරත වන නිලධාරීන් රැක ගැනීම සහ ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන . බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් අගමැතිතුමා මෙම අදහස් පල කළේය. කවර අභියෝග හමුවේ වූවද රට ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමේ අරමුණට ලගා වන බවද අගමැතිවරයා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාව යලිත් සංවර්ධනයේ වැඩ බිමක් බවට පත් කිරීමට නව රජය සූදානමින් සිටී. ඒ සදහා රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට තමා කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය . ආර්ථික අභියෝග රැසක් හමුවේ තමා ජනාධිපතිවරයාව සිටියදී හයයි දශම අටක ආර්ථික වර්ධන වේගයක් රට තුළ පවත්වාගෙන යාමට හැකිවිය. 2014 වසර වන විට ඩොලර් බිලියන 79 ක දල දේශිය නිෂ්පාදන අගයක් පවත්වාගෙන යනු ලැබින. ඩොලර් බිලියන දෙකක්ව පැවති විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතයි දශම දෙක දක්වා වර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂ රජයට හැකිවූ බවද අග්‍රාමාතවරයා පැවසීය. 2005 වසරේදී දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ ණය බරතාව අඩු කිරීමටද 2014 වසරේදී හැකිවූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය රජයේ අධූරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් රටේ මුල්‍ය පද්ධතිය දුර්වල විය. ආර්ථික වර්දනයද පහළ වැටිණ. සංචාරක ව්‍යාපාරයද පාස්කු ප්‍රහාරයෙන් පසු බිද වැටිණ. පසුගිය වසර හතරේදී රටේ ණය බරතාව රුපියල් බිලියන 1760 කින් ඉහල ගිය බවද අගමැතිතුමා කියා සිටියේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *