හම්බන්තොට වරාය බදු පදනම මත චීනයට ලබාදීම පසුගිය රජය මගින් සිදුවූ වරදක්

Share Button

හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම පසුගිය රජයෙන් සිදුවූ වරදක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එම බදු ගිවිසුම යලි සලකා බැලීමට තමා සූදානම් බවද ජනාධිපතිතුමා පවසයි. එම වරද රටේ ජනතාව කිසිසේත් අනුමත නොකරයි. හම්බන්තොට වරායේ පාලනය කිසිවිටෙක චීනයට ලබා දීමට පසුගිය මහින්ද රාජපක්ෂ රජය අපේක්ෂා නොකලේය. නමුත් පසුගිය රජය එය වසර 99 කට චීනයට බදු දුන්නේය. ඉන්දීය මාධ්‍යවේදී නිතින් ඒ ගෝක්ලී සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පල කළේය. චීනය . සහ ඉන්දියාව සම්බන්ධයෙන් පවත්වන ද්වීපාර්ශවික සම්බන්ධතා පිලිබද අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මධ්‍යස්ථ රටක් ලෙස කටයුතු කිරීමට බවයි. ගෝලීය දේශපාලන ව්‍යුහය තුළ ඉන්දියන් සාගර කලාපීය රටවලට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එහි කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සියඵ විදේශීය රටවල් සමග සුහදතාවය වර්ධනය කර ගනිමින් ඉදිරියට යෑමටයි. බලගතු රාජ්‍යයන්ගේ බල අරගලයන්ට මැදිහත්වීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට නොමැත. වෙනත් කිසිදු රාජ්‍යයකට හෝ එම රාජ්‍යක ප්‍රතිරූපයට හානි සිදු කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට නොමැත. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාව අනුමත නොකරයි. චීනය සමග වානිජමය වශයෙන් මිත්‍රශීලි ප්‍රතිපත්තියක පිහිටා ශ්‍රී ලංකාව කටයුතු කරයි. ඉන්දියාව. සිංගප්පුරුව. ජපානය. ඔස්ට්‍රේලියාව වැනි රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන චීන මැදිහත්වීම පිලිබද සැකයක් ඇතිකරගත යුතු නැත. එම රාජ්‍යයන්ටද ශ්‍රී ලංකාවේ ආයෝජනයට පුඵල් අවස්ථා පවතින බව ජනාධිපතිතුමා කියා සිටියේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *