ඉන්දියාවේ එකම තරුපහේ ගුවන් සේවය ශ්‍රි ලංකාවට

Share Button

ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙස හැඳින්වෙන විස්තාරා ගුවන් සේවය අද කොළඹට ගුවන් ගමන් ආරම්භ කලේය. බදාදා හැර සෑම දිනකම එම යානා මුම්බායි සිට කොළඹට පියාසර කෙරේ. මෙහි ඉකනොමි සහ ව්‍යාපාරික පංතිය හැර ප්‍රිමියම් ඉකොනමි ලෙස තවත් ආසන පංතියක් ප්‍රථම වරට හඳාුන්වාදී ඇතැයි හේලිස් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පවසයි. විස්තාරා හි ප්‍රධාන උපාය මාර්ගික නිලධාරි විනොද් කන්නන් මහතා කොළඹදී පැවසුවේ සංචාරක සහ වෙළඳාම යන අංශ දෙකෙන්ම ශ්‍රි ලංකාව දියුණුවට පැමිණෙමින් සිටින බවයි. එබැවින් ඉන්දියාවේ එකම තරුපහේ ගුවන් සේවය ශ්‍රි ලංකාවට හඳුන්වාදිමට ක්‍රියා කළ බව ඔහු සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *