රජයේ පාසල්වල තුන්වන පාසල් වාරය ලබන සිකුරාදා අවසන්

Share Button

රජයේ පාසල්වල තුන්වන පාසල් වාරය ලබන සිකුරාදා අවසන් වෙයි. 2020 නව පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි.
ලබන වසර සදහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම ජනවාරි 16 වැනිදා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා කියයි.

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනිමට අදාල අභියාචනා හා විරෝධතා විභාග කිරිම මේ දිනවල සිදු වෙයි. එම කටයුතු නිම වීමෙන් පසුව අවසන් නාම ලේඛන ප්‍රදර්ශනය කරන බව ඔහු සදහන් කළේය.

පහවසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු ලබන මාසයේ නිකුත් කරන බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *