ලබන වසර සදහා පාසල් නිල ඇඳුම් ලබාදීම නව පාසල් වාරය ආරම්භයේදීම

Share Button

වසර 2020 සදහා පාසල් නිල ඇඳුම් ලබාදීම නව පාසල් වාරය ආරම්භයේදීම සිදුකරන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබඳව හෙට දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ. මෙම වසරේ අවසන් පාසල් වාරය තව දින තුනකින් නිමාවට පත්වෙයි. ඊට පෙර දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව ඇමතිවරයා කියා සිටි. එහි සම්පුර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය භාරගත යුතුය. පසුගිය රජය පාසල් සිසුන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය නිසා රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවු බවට ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුනි. ඒ අනුව ඉදිරි වසරේදී නිල ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබා දෙන්නේද රෙදි ලබා දෙන්නේද යන්න තීරණයක් ගෙන නොතිබුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *