නව රජයේ ප්‍රථම ඇමති මණ්ඩල රැස්වීම හෙට.

Share Button

නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කරමින් මේ බව කීවේය. රටක අනාගතය තීන්දු කරන තෙවැනි ඇස ලෙස මාධ්‍ය ක්‍රියාකරන බව ඇමතිවරයා මෙහිදී පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි නිදහස් ස්වාධින මාධ්‍ය ක්‍රියාවලියක් ඇති කිරීම අවශ්‍ය වෙයි. ගෙවුනු වසර පහේදී රාජ්‍ය මාධ්‍යවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සතුටු විය නොහැක. විශේෂයෙන් රට බේරාගත් රණවිරුවන් ද එම මාධ්‍ය තුළින් දැඩි විවේචනයට ලක් කෙරුනි. එමෙන්ම වෛරී මතවාද ප්‍රචාරය කෙරුනි. රාජ්‍ය මාධ්‍ය තුළ විපක්ෂයේ කාර්ය භාරයටත් අවකාශ සලසාදිය යුතුය. අලුත් මාධ්‍ය සංස්කෘතියක් ආරම්භ කෙරේ. එහිදී පළිගැනීම් වෙනුවට පිළිගැනීම් සිදු කෙරේ. බදු ගෙවන ජනතාවට සාධාරණය ඉටුවන ලෙස රාජ්‍ය ආයතන ක්‍රියාකළ යුතුයැයි ද ඇමතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *