දිවයිනේ සියලු නගර සුන්දර ස්ථාන බවට පත්කිරීමේ වැඩසටහන ඇරඹේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමිව විශේෂ වැඩසටහනක් අද යාපනය නගරයේදී ඇරඹුනි. දිවයිනේ සියලු නගර සුන්දර ස්ථාන බවට පත්කිරීමට එතුමාගේ අරමුණ වෙයි. මීට සමගාමිව බොහෝ නගරවල මං මාවත් පිරිසිදු කරන අයුරු ඉකුත් දින කිහිපයේ දක්නට ලැබුනු අතර ඊට ඉහල ජනතා සහභාගිත්වයක්ද ලැබි තිබුනි. අද පැවති වැඩසටහනට පොලිස් පරිසර ඒකකය. සෞඛ්‍ය පරික්ෂකවරුන්. නගරසභා සේවකයෝ සහ ජනතාව එක්ව සිටියහ. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන යාපනය නගරාධිපති එමානුවෙල් ආනෝල්ඩ් මහතා මෙම වැඩසටහන සමග සක්‍රීයව එක්ව සිටියේය.