මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිීම කෙරෙහි අවධානය

Share Button

මැතිවරණ සමයේ ක්‍රියාත්මක විය යුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිීම කෙරෙහි අවධානය යොමු වෙයි. ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධිනව හා සාමකාමි ලෙස පැවැත්වීම වෙනුවෙන් මාධ්‍ය උපමාන නීතියක් සම්මත කර ගැනීමට සහාය ලබාදෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ. මේ සදහා වන යෝජනා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. පළාත් පාලන මැතිවරණයේදී හදුනාගත් අඩුපාඩු නිවැරදි කර ගැනීමට නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කළ යුතුය. පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුනු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසුරිය මහතා මුණගැසුනහ. මාධ්‍ය උපමාන නීතියක් බවට පත්කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කථානායකවරයා එහිදී එකග විය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වු මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ වත්මන් ජනාධිපතිවරයා මාර්තු පලමුවැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ලබන වසරේ අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *