තායි ලෙනේ සිරවු සියඵ දෙනා බේරාගැනෙති. මෙහෙයුම අවසන්

Share Button

තායිලන්තයේ ලෙන් සංකිර්ණයේ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියඵ දෙනා බේරා ගැනෙති. ඊයේ වන විට 8 දෙනෙකු බේරාගෙන සිටි අතර තවත් 5 දෙනෙකු අද බේරාගැනීමට නියමිතව තිබුණි. මීට ස්වල්ප වේලාවකට පෙර පුහුණුකරු සමග අවසන් 12 වන දරුවාද මුදාගත්හ. 9 වැන්නා ලෙස මුදාගෙන ඇත්තේ කණ්ඩායමේ වයස අවුරුදු 11 ක් වු ලාබාලතම දරුවාය. පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු බේරාගැනීමේ අවසන් මෙහෙයුම අද පෙරවරුවේ ආරම්භ වුණි.

ඒ සදහා කිමිදුම්කරුවන් 19 දෙනෙකු එක් වු බව තායිලන්ත බලධාරීහු කියති. ඉන් 6 දෙනෙක්ම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කිමිදුම්කරුවෝ වෙති. පාපන්දු කණ්ඩායම සොයාගත් දිනයේ සිට ඔවුන් සමග අඛණ්ඩව රැදි සිටි වෛද්‍යවරයා. හෙදිය. සහ කිමිදුම්කරුවන් දෙදෙනාද අද එම ලෙන් සංකර්ණයේ අදුරු කුටියට සමුදුන්හ. පළමුව බේරාගත් ළමයින් සිව් දෙනාට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලැබුණි. රෝහලේ විදුරු කාමරයක සිට එම දරුවන්ට දෙමව්පියන් දැකගත හැකිවිය. ඔව්හු ඉකුත් මස 23 වැනිදා සිට දින 18 ක කාලයක් දැඩි අදුරේ ලෙන තුළ ගතකළහ.

දරුවන් තමන් කැමැති ආහාර ඉල්ලා සිටියත් ඔවුන් දින ගණනාවක් නිරාහාරව සිටි බැවින් ආහාර ලෙස ලබාදෙන්නේ පොරි. බත්. සහ පාන්ය. චොකලට් වර්ගද නිර්දේශ කර ඇත. ඊයේ පස්වරුවේ තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්ග් ඕ චා මහතා ලෙන් සංකිර්ණය වෙත පිවිසි අතර ඔහු කියා සිටියේ මෙය සියඵ දෙනාට පාඩමක් වියයුතු බවයි. දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ අවධානය මීට වඩා යොමුවියයුතුයැයිද ඔහු කීවේය.

මේ අතර සිරවී සිටින 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු මියන්මාරයේ උපත ලබා තායිලන්තයට පැමිණ භීක්‍ෂුවක ලෙස කටයුතු කර පසුව පාපන්දු පුහුණුකරුවෙකු බවට පත්වී තිබේ. ඔහුගේ දෙමවිපියන් කුඩා අවදියේදීම මියයාම නිසා ඔහු හැදි වැඩි ඇත්තේ මිත්තනිය ලගයි. සෑම මසකම ඇය බැලීමට මෙම පාපන්දු පුහුණුකරු යන අතර දිනපතාම පෙරවරු කාලය පන්සලේ ගතකරයි. ඔහු පාපන්දු පුහුණු කටයුතු සිදුකරන්නේ පස්වරුවේය.

ඔහුගේ එකම ඥාතියාද මිත්තනිය පමණක් වෙයි. ඒ අතරම අමෙරිකාවේ හොලිවුඩ් හි චිත්‍රපටි නිෂ්පාදකවරු දෙදෙනෙක්ද මේවනවිට තාම් ලුඅන්ග් නෝන් මෙම ලෙන් සංකිර්ණය වෙත දැන් පැමිණ සිටිති. මෙය ඔස්සේ දැවැන්ත චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *