ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයෙන් මධ්‍යම පළාතේ දිළීදු ජනතාවට ජීවනෝපාය මාර්ග රැසක්

Share Button

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී රැස්වෙයි. පළාතේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීහු මීට සහභාගී වෙති. දිළීදුකම පිටුදැකීම සදහා ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙල දැන් දීපව්‍යාප්තව ක්‍රියාත්මකයි.

මහනුවර. මාතලේ. නුවරඑළිය. දිස්ත්‍රික්කවල ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමට ග්‍රාමශක්ති මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ. මෙම දිස්ත්‍රික්කයන්හි ලේකම්වරුන් වෙත ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන පළමු වාරිකයේ ප්‍රදානයද මෙහිදී ලබාදීම සිදුකෙරේ. ඉන්පසු ජනාධිපතිතුමා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වන කොටලිගොඩ නිෂ්පාදන ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙයි.

මතින් නිදහස් රටක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට මහනුවර ගැටඹේ ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී දියත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *