එළඹෙන උත්සව සමයේ හිගයකින් තොරව වෙළෙඳපොලට සහල් නිකුත් කිරීමට රජය සුදානම්

Share Button

දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වල ඇති වී තොග සහල් බවට පත්කර ලංකා සතොස අලෙවි සැල් මගින් වෙළෙඳපොලට නිකුත් කිරීමට රජය තීරණය කරයි. මහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් හා දිසාලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ අද පැවැති සාකච්ඡාවකදී එම තිීරණය ගනු ලැබීය. එළඹෙන උත්සව සමයේ හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබාදීම එහි අරමුණයි. දිසාලේකම්වරුන් පසුගිය මහ කන්නයේ මිලදී ගත් වී තොග මේ වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල පවතී. ඒවා අදාළ දිසා ලේකම්වරුන් හදුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත්කර ලංකා සතොස වෙත ලබාදීමට නියමිතයි. එම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයාට අලෙවි කෙරේ. දිවයිනපුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත්කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ලබන සතියේ ඇරඹෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *