ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයට

Share Button

ශ්‍රී ලංකාව පිය නගන සංවර්ධන මාවතේ කොටස්කරුවෙකුවීමට ඉන්දියාව කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. මෙහිදී ඉන්දියාව අසල්වැසියාට ප්‍රමුඛතාව යන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමග සබඳතා දියුණු කර ගැනීමට ප්‍රමුඛත්වය දෙන බව ඔහු සදහන් කරයි. ත්‍රස්තවාදය මැඩලීම සදහා ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළට ඉන්දියාව මුඵමනින්ම සහයෝගය පළ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අද නවදිල්ලි නුවරදී හමුවීමෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයෙහි මේ බව සදහන් වේ. ඉන්දියාව ත්‍රස්තවාදය මැඩලීම පිණිස ඩොලර් මිලියන 50 ක ණය මුදලක් සහ ආර්ථික සංවර්ධනය පිණිස ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිතුමා සමග පැවැත්වු සාකච්ඡා ඉතාමත් ඵලදායි වු බව පැවසු ඉන්දිය නායකයා ප්‍රබල සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිවීම ඉන්දියාවේ අභිලාශය පමණක් නොව සමස්ත ඉන්දිය සාගර කලාපයටම යහපතට හේතුවන බව සදහන් කළේය. ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාව සහාය පළ කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සදහන් කර ඇත්තේ ඉන්දියාව සපයන මෙම ඩොලර් මිලියන 450 ණය මුදල ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉමහත් පිටිවහලක් වන බවයි.
මේ අතර. ජනාධිපතිතුමා සහ ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුවක් රාෂ්ට්‍රපති භවන්හිදී අද පෙරවරුවේ පැවැත්විය. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත් ඉන්දිය ජනාධිපතිතුමා සදහන් කළේ මෙම හමුව දෙරට අතර මිත්‍රත්ිත්වය වර්ධනය කරන සුවිශේෂි අවස්ථාවක් බවයි. නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉන්දිය ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් තම රජයේ පුර්ණ සහාය ලබාදෙන බව සදහන් කළේය. මීට පිලිතුරු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කළේ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහලම තලයට රැගෙනඒමට කටයුතු කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *