රජය දුන් සහන හේතුවෙන් කෙටි කාලයකදි ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Share Button

ආර්ථිකයේ ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ආණ්ඩුව හදුන්වා දුන් සහන පැකේජය ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක කළයුතුයැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. බදු සහන වැනි සහන ලබාදීමට රාජ්‍ය මුල්‍ය අංශය තුළ ඉඩක් පවතී. මේ නිසා දුන් සහනවලින් කෙටි කාලයකදී ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදුවනු ඇතැයි ඔහු ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කිවේය. ආර්ථිකය තුළ වර්ධනයක් ඇති කිරීමට නම් යම්කිසි මට්ටමක සමස්ත ඉල්ලුමක් අවශ්‍ය වෙයි. මෙම ඉල්ලුමේ සීමාව ඉක්මවායාම වැළැක්විමට රජය පියවර ගතයුතුයැයිදි ඔහු කියයි. ශ්‍රී ලංකාව මේ දක්වා සෑම විදේශ ණය වාරිකයක්ම ගෙවා ඇති බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11