ආරක්‍ෂාව. ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ සුබසාධනය යන ප්‍රධාන කරුනු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියා කළයුතුයැයි ජනාධිපතිතුමා පවසයි.

Share Button

සාර්ථක දැක්මක් සහිත ශ්‍රි ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීිමට ඉන්දිය රජය පුර්ණ සහය ලබාදෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. හයිද්‍රාබාද් මන්දිරයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති නරේන්ද්‍ර මෝදිී මහතා සාකච්ඡා කලහ. දෙරට අතර දිගුකාලීන මිත්‍රතත්වය ආර්ථික. දේශපාලන හා සාමාජිය වශයෙන් ඉදිරියට රැගෙන යාමට මෙහිදි එකගතාවය පලවිය. ප්‍රමුඛතම අවධානය ආරක්ෂාව කෙරෙහි යොමු කිරිීමට තීරණය විය. දිගුකාලීන ගැටලුවක්ව පවතින ඉන්දු ශ්‍රි ලංකා ධිවර ගැටලු පිලිබදව ද සාකච්ඡා කෙරුණි. ඒ යටතේ මෙරට අත්අඩංගුවේ ඇති සියලුම ඉන්දිය ධිවර බෝට්ටු නිදහස් කිරිමට එකගතාව පලවුණි. ශ්‍රි ලංකාවේ සංහිදියා ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි විශ්වාසය පලකල ඉන්දිය අගමැතිවරයා උතුරු හා නැගෙනහිර පලාත්වල සංවර්ධන කටයුතු පිලිබදව ද අවධානය යොමුකලේය. මෙහිදි අදහස් දැක්වු රාජපක්ෂ මැතිතුමා ආරක්‍ෂාව. ආර්ථික සංවර්ධනය සහ දෙරටේ ජනතාවගේ සුබසාධනය යන ප්‍රධාන කරුනු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියා කළයුතුයැයි පැවසීය. ජාතික ආරක්‍ෂාව. යටිතල පහසුකම් සංවර්ධනය . වාණිජ සහ වෙළෙඳ අවස්ථා සම්බන්ධයෙන් ඉන්දීය අමැතිවරයා දුන් සහතිකටයද රාජපක්‍ෂ මැතිතුමා සිය කෘතඥතාව පල කළේය. එමෙන්ම ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ඉන්දියාව සමග සමීපව ක්‍රියාකරන බවද එතුමා පැවසි.ය ඉන්දිය අගමැතිවරයාට ශ්‍රි ලංකාවේ සංචාරයකට එක්වන්නැයි ද ඇරයුම් කෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10