සාමාන්‍ය පෙල විභාගයට සියලු කටයුතු සුදානම්
අපොස සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා ආරම්භවෙයි. අපේක්ෂකයන් හත්ලක්ෂ දාහත්දහස් අටදෙනෙකු විභාගයට පෙනි සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියයි. පෙරවරු 830 ට විභාගය ආරම්භවෙයි. ඊට පැය භාගයකටවත් ප්‍රථම මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි සියලුම අපේක්ෂකයන්ට දැනුම් දෙනු ලැබේ. ගුවන් විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට සහභාගි වෙමින් විභාග කොමසාරිස් බි සනත් පුජිත මහතා පවසන්නේ. සිසුන් පිලිගත් අන්යන්යාතා පත්‍රයක් ඉදිරිපත් කිරිම අනිවාර්යය බවයි. ජාතික හැදුනුම්පත් . වලංගු රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය ඒ සදහා භාවිත කළ යුතුවෙයි. එවැනි හැදුනුම්පතක් නොමැති විට පමණක් විදුහල්පතිවරයා සහතික කළ . කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා අනුමත කළ ඡායාරූපයක් ඉදිරිපත් කල හැකිය. මෙතෙක් විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුණු අයදුම්කරුවෙකුට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබාගත හැකිය. විභාගය පිලිබද ඕනෑම ගැටලුවක් 1911 අංකය ඇමතීමෙන් විසදාගත හැකි බවද විභාග කොමසාරිස්වරයා පවසයි.
මෙවර විභාගයේදි දිවයිනේ ප්‍රථමයා හෝ දිස්ත්‍රික් ප්‍රථමයා වශයෙන් සිසුන් වර්ගීකරණය නොකෙරෙන බව හෙතෙම පවසයි. එය සිසුන්ට විශාල පීඩනයක් බවද හෙතෙම සදහන් කරයි.
සනත් 1