බිම්බෝම්බ ඉවත් කිරිමේි වැඩපිලිවෙලට කැනඩාවෙන් ඇමරිකානු ඩොලර් විසිලක්ෂයක මුල්‍යාධාරයක්
බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් කැනඩා රජය ඇමෙරිකානු ඩොලර් විසි ලක්ෂයක මූල්‍යාධාරයක් ලබාදීමට යයි. කැනඩා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් වේ. ලොව පුරා රටවල් හැටක් පමණ බිම්බෝම්බ හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සෑම වසරකම පුද්ගලයෝ හත් දහසක් පමණ බිම්බෝම්බවලට හසුවීමෙන් මරුමුවට පත්වෙති. තවත් දහස් ගණනක් තුවාල ලබන බවද එම නිවේදනයේ සඳහන්වේ. බිම්බෝම් ඉවත් කිරීම සඳහා කැනඩාව තෝරාගත් රටවල් කිහිපයකට මූල්‍යාධාර පිරිනැමීමට තීරණය කර තිබේ. ගතවු දශක දෙකේදී පමණක් කැනඩාව ලොව රටවල් රැසකට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිස් පහක් පිරිනමා තිබේ