රටට ආයෝජන ලැබීමට දේශපාලන ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව වැදගත් බව අවධාරණය කෙරේ
රටට ආයෝජන ගෙන ඒමට දේශපාලන ස්ථාවරත්වය හා ජාතික ආරක්ෂාව අත්‍යවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි. ඒ සඳහා වන පසුබිම දැන් සැකසෙන බව රඹුක්වැල්ල මහතා කියයි. කෙහෙළිය රඹුක්වැල්ල හා එස්. බී. දිසානායක යන රාජ්‍ය අමාත්‍යවරු අද දළදා සමිඳාුන් වැඳ ආශිර්වාද ලබා ගත්හ. අනතුරුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් ප්රමුඛ මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් අමාත්‍යවරයා මේ කරුණු දැක්වීය. නාහිමිවරුන් මෙහිදී අනුශාසනා කළේ ආරම්භයේදීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශිෂ්ඨ නායකත්වය පෙන්නුම් කළ බවයි. ජනතා අභිලාෂ වෙනුවෙන් අමාත්‍යවරුන්ද ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ පෙන්වා ඳාුන්හ. රාජ්‍ය ඇමති එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ විනයානුකූල රටක් වෙනුවෙන් කැපවිය යුතු බවයි. ඒ අතර ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාද දළදා සමිඳාුන් වැඳ ආශිර්වාද ලබා අනතුරුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් ප්රමුඛ මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.