අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් පිඩාවට

Share Button

අයහපත් කාලගුණයෙන් පවුල් 700 කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන් 2200 කට වැඩි පිරිසක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයෝ් 300 ක් පමණ ආරක්ෂිත ස්ථානවල රැදි සිටිති. පිඩාවට පත් පුද්ගලයන් සදහා සහන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි. අයහපත් කාලගුණය නිසා නිවාස දෙකකට පුර්ණ හානි සිදුවී තිබේ. අර්ධහානි සිදුවු නිවාස සංඛ්‍යාව 46 කි. කඳුකර ප්‍රදේශවල ජනතාව නායයාමේ ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ඉල්ලීමක් කෙරේ. බදුල්ල. රත්නපුර සහ කැගල්ල දිස්ත්‍රික්ක සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත. රාජාංගනය. උඩවලව. උල්හිටිය. තබ්බෝව. දැදුරුඔය. ඉබ්බන්කටුව. ඉහල කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘතකර ඇත. පවතින වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව කොඩිප්පිලි මහතා සදහන් කරයි. මන්නාරම දිස්ත්‍රික්කයේ සුරියකට්ටකාලු වැව සහ සමන්කුලම වැවේ ජල කාන්දුවක් හේතුවෙන් පවුල් 15 ක් එම ස්ථානවලින් ඉවත් කර ඇත. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන්නේරි වැව සහ පිරමන්තාරු වැව වාන්දමා තිබේ. අත්තනගලුඔය දුනමලේ ප්‍රදේශයෙන් පිටාර දමා තිබේ. පිඩාවට පත්වුවන්ට අවශ්‍ය සහන සැලසිම සදහා ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී තිබේ. වැඩි විස්තර හදිසි ඇමතුම් අංක 117 ඔස්සේ ලබාගත හැකිය.
මේ අතර. මහනුවර-වලපනේ ප්‍රධාන මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයේ අද උදෑසන පස්කන්දක් නායයාමෙන් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය අයගේ සිරුරු ගොඩ ගැනීමේ කටයුතු යුද හමුදාවේ සහායෙන් සිදු කෙරේ. ඒ සදහා තුන්වන සිංහ රෙජිමේන්තුවේ සෙබලු 50 දෙනෙක් පමණ සහභාගිවී සිටිති. දැනට සිරුරු තුනක් සොයා ගෙන ඇත. දුම්රිය සේවා රාජ්‍ය ඇමති සී. බී. රත්නායක මහතා පිඩාවට පත්වුවන්ට සියලු පහසුකම් සලසාදෙන ලෙස අදාල බලධාරින්ට උපදෙස්දී තිබේ. මහනුවර-වලපනේ ප්‍රධාන මාර්ගය යථාතත්ත්වයට පත්කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දී ඇත.

අධික වැසි හේතුවෙන් බලංගොඩ ඉඹුල්පේ ගල්ලෙනකන්ද තඹහගහ ඔය අසලින් ප්‍රධාන මාර්ගයට විශාල ගස් සහ ගල් සමග පස්කන්දක් කඩා වැටි තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් ඩී. එම්. බී. එම්. එස්. බටුගෙදර මහතාගෙන් කළ විමසිමකදී ඔහු පෙන්වා දුන්නේ මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කළ බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි හා මඩකලපුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාසවල පවුල් 83 ක පුද්ගලයන් 297 දෙනෙකු අවතැන්වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් මාණික්කම් උදයකුමාර් මහතා පවසයි. නව කාත්තන්කුඩි බදුරියා පාසලේ අවතැන් පවුල් 46 ක පුද්ගලයන් 150 දෙනෙකු රැදි සිටින අතර වැඩි පිරිසක් ඥාති නිවෙස්වල සිටින බව හෙතෙම කියයි. මඩකලපුව ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ අවතැන් ජනතාව නාවට්කුඩා පාසලේ රැදි සිටිති. ආපදාවට ලක්වු අයට සහන සේවා සැපයිම ග්‍රාම නිලධාරිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
පවතින අධික වැසි හේතුවෙන් කලාවැවේ වාන්දොරටු දෙක අඩි හත බැගින් අද ිවවෘත කළ බව කලාවැව වාරි ඉංජිනේරු එම්. එච්. ආර්. බණ්ඩාර මහතා පවසයි. එම වාන්දොරටු දෙකෙන් තත්පරයට ඝනඅඩි 8500 ක ජල ධාරිතාවක් කලාඔය ඔස්සේ රාජාංගන ජලාශයට මුදාහැර ඇතැයි හෙතෙම කියයි. කලාවැවේ වාන්දොරටු විවෘත කිරීමෙන් ගල්නෑව හිරිපිටියාගම ප්‍රධාන මාර්ගයේ කලාඔය පාලම ජලයෙන් යටවීම ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *