දේශිය ආදායම් පනත සංශෝධනයට පියවර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග කළ සාකච්ඡා වලදී මෙරට ආරක්ෂක සහ සංවර්ධන කටයුතු සඳහා සහන ණය මුදලක් ලබාදීමට එකග වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. ඒ අනුව ආරක්ෂක කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක සහ සංවර්ධන වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400 ක සහන ණය හිමි වන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේය.
රජය හඳාුන්වාදුන් බදු සහන පැකේජය ද අද සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. සෘජු බදු සම්බන්ධයෙන් රජයේ තීරණ ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඉදිරිපත්කර තිබේ. පසුගිය රජය ගෙන ආ දේශිය ආදායම් පනත සංශෝධනය කෙරේ. නව බදු සංශෝධනවලට අනුකූල ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් අඩුවිම සම්බන්ධයෙන් ඉදිරි සතියේදි අධීක්ෂණය කරන බව ඔහු සඳහන් කලේය.