මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක මුහුණ දුන් කියන සිද්ධියට අදාල පුර්ණ විමර්ශනයක්

Share Button

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක මුහුණ දුන් කියන සිද්ධියට අදාල පුර්ණ විමර්ශනයක් දැන් සිදු කෙරෙන බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි. ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ අදාල නිලධාරින් සමග ස්විට්සර්ලන්ත තානාපති පීටර් මොක් මහතා ඊයේ හමු වු විදේශ සම්බන්ධතා අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පොලිස් විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳව දැනුවත් කර තිබෙ. පසුගිය සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස අදාල නිලධාරිණිය තමන් වෙත යොමු කරන්නැයි නිතිය ක්‍රියාත්මක කරන නිලධාරින් කළ ඉල්ලිම තානාපති කාර්යාලය ඉටු නොකළද විමර්ශන ඉදිරියට ගෙනයනු ලැබිය. එම නිලධාරිනිය වෙනුවෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද අදාල සිද්ධිවල පෙළගැස්ම සහ අදාල දිනයේ ඇයගේ ගමන් බිමන් සමග නොපෑහෙන බව ඌබර් වාර්තා සිසීටිවී දර්ශන. දුරකථන වාර්තා. ජීපීඑස්. දත්ත ඇසුරෙන් සනාථ වන බවට සාක්ෂි තානාපතිවරයාට පෙන්වා දි ඇත මෙම ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාල චෝදනාව හා සම්බන්ධ සැබෑ තත්ත්වය නිවැරදිව හදුනාගැනිමට තවදුරටත් විමර්ශන කටයුතු සිදු කළ යුතු බව එහිදි අවධාරණය කෙරිණ. සිද්ධියට මුහුණ පෑ බව සදහන් තානාපති කාර්ය මන්ඩල සාමාජිකාව නිතිය ක්‍රියාත්මක කිරිමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. මෙම සිදුවිමේ දි තමාාට තුවාල සිදු වු බව ඇය සදහන් කර ඇති බැවින් මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට භාජනය විය යුතු බව ද පෙන්වා දී තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11