රන්වැලිගම ගොවි ජනපද මාර්ගය දැඩිලෙස අබලන්

Share Button

මහගම ඇඹිලිපිටිය මාර්ගයේ අටහමාර හන්දියේ සිට හඹුරුගල රන්වැලිගම ගොවි ජනපද මාර්ගය කාලයක් තිස්සේ දැඩිලෙස අබලන් වීමෙන් ගොවි පවුල්වල ජනතාව දැඩි අසීරුතාවයට පත්වෙති.

පවුල් හයසියයකට පමණ මින් බලපෑම් එල්ල වී ඇත. අමාධිපුර, හඹුරුගල , කැටගල්ආර සහ කිරිඉබ්බන්ආර ගම්මානවල ගොවි නිෂ්පාදන වෙලදපොලට ගෙනයාම සදහා මෙම මාර්ගය භාවිතා කෙරේ.

මේ වන විට රථවාහන ගමනාගමනයට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී තිබේ. මේ සෙවනගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිසි බලධාරීන්ගේ අවධානය පිණිසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *