ශ්‍රි ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනේ.

Share Button

මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල්ලා ෂාහිඩ් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි. එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ සිදුවිය. ශ්‍රි ලංකාවේ ජනාධිපති පදවියට පත්වීම පිළිබඳව මාලදිවයින් ජනාධිපති මොහොඩ් සෝලි මහතා වෙනුවෙන් අබ්දුල්ලා ෂහීඩ් මහතා ජනාධිපතිතුමා වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය. දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා එහිදි සතුට පළ කළේය. ද්විීපාර්ශවික සබදතා පමණක් නොව කලාපීය සබදතා වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කලේය. ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ද්වීපාර්ශවික හා කලාපීය සබදතා අඛණ්ඩව ශක්තිමත් කළයුතු බවයි. මත්ද්‍රව්‍ය උවදුර හා තරුණ කොටස් රැඩිකල්කරණය කළහැකි මට්ටමට පාලනය කළ හැක්කේ එවන් සහයෝගිතාවක් තුළින් බව එතුමා පෙන්වා දුන්නේය. විදේශ ආයෝජන සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රි ලංකාව චීනයට පමණක් නොව ජපානය. ඔස්ට්‍රේලියාන. සිංගප්පුරුව හා දකුණු කොරියාව වැනි රටවල් සඳහා ද විවෘත බවයි. ජනාධිපතිතුමා මෙන්ම මාලදිවයින් විදේශ ඇමතිවරයා ද ස්වකීය ආර්ථික සංවර්ධනය උදෙසා ඉන්දියන් සාගරය සියලු රටවල නිදහස්ව හා විවෘතව පැවතිය යුතු බවට එකග වුහ. ඉන්දියන් සාගරය සාම කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු බවට 1970 මුල භාගයේදි යෝජනා කරනු ලැබුවේ ශ්‍රි ලංකාව විසින් බව ද ජනාධිපතිතුමා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *